ජනපතිගේ නායකත්වය වටා ජනතාව එක්වෙනවා

ජනපතිගේ නායකත්වය වටා ජනතාව එක්වෙනවා

- නන්දිමිත‍්‍ර ඒකනායක

ශී‍්‍රපාද කන්දේ සිට ගලන සියලුම ගංඟා මහ මුහුදට ගලන්නා සේම ශී‍්‍ර ලාංකීය ජනතාව කිසිදු භේදයකින් තොරව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිවැරැදි නායකත්වය යටතට එක්රොක් වන බව මධ්‍යම පළාත් සභාවේ මාතලේ දිසාවේ එ. ජ. නි. ස. අපේක්‍ෂක නන්දිමිත‍්‍ර ඒකනායක මහතා පැවැසීය.

ඒකනායක මහතා මේ බව සඳහන් කෙළේ ඉකුත් (8) දින කොළඹ පැවැති මාධ්‍ය හමුවක දීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ඇමැතිවරයා සඳහන් කෙළේ කාශ්මීරයේ පවතින ත‍්‍රස්තවාදී උවදුර හේතුවෙන් ඉන්දියාවත්, ඇෆ්ගනිස්තානයේ සිටින අල්කයිඩා ත‍්‍රස්තවාදීන් නිසා අමෙරිකාව, එංගලන්තය ඇතුළු යුරෝපා සංගමයේ රටවල් ද ඇතුළු ලොව පුරා ත‍්‍රස්ත භීතිය පැතිරෙමින් තිබෙන මේ අවස්ථාවේදී ලංකාවේ වසර තිහක් පමණ කි‍්‍රයාත්මක වූ කොටි ත‍්‍රස්තවාදය අවසන් කිරීමට කි‍්‍රයා කරමින් ගිනස් වාර්තාවක් බිහිකිරීමට ළඟාවෙමින් සිටින බවය.

රටට ගෞරවාන්විත සාමයක් උදාකිරීමට ජනාධිපතිතුමා යන මේ ජයග‍්‍රාහී ගමනට ආශීර්වාද කිරීමට අද මුළු රටම පෙළගැසෙන අවස්ථාවේදී ප‍්‍රචණ්ඩත්වයෙන් තොරව සාමකාමී මැතිවරණයක් කිරීමට උරදීම අපගේ යුතුකමක් හා වගකීමක් වන අතර ඊට උචිත වැඩපිළිවෙළක් අපි විසින් මාතලේ දිස්ති‍්‍රක්කයට හඳුන්වා දී තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂයේ නායකයන්ගේ රැස්වීම්වලට අද සෙනඟ නොමැති ගැටලුවක් මතු වී තිබෙනවා.

කෙසේ වෙතත් තමන් කැමැති පුද්ගලයකුට මනාප දීමටත් පක්‍ෂයකට ඡන්දය දීමට ඇති අයිතිය ජනතාව වෙත ලබා දී ඇති අතර ඊට බාධා කිරීමට රජයට අනිසි ශක්තියක් යොදන්න අවශ්‍ය නැති බවද ඔහු පැවැසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා