අකුරණ ප‍්‍රා. සභා සභාපති සිම්සාන් සන්ධානයට එක්වෙයි

අකුරණ ප‍්‍රා. සභා සභාපති සිම්සාන් සන්ධානයට එක්වෙයි

එජාප පාලනය යටතේ පවතින අකුරණ ප‍්‍රාදේශීය සභාවේ සභාපති මොහොමඩ් සිම්සාන් මහතා ඊයේ (10) එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර රැලියේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සන්ධානයේ ජයග‍්‍රහණය සඳහා සහයෝගය දීමට එක්විය.

සංචාරක නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපා මහතාගේ සම්බන්ධිකරණය ඔස්සේ ජනපති වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා ඉදිරිපත් වූ ඒ මහතා 1991 සිට එජාප කි‍්‍රයාකාරියකු ලෙස දේශපාලන ක්ෂේත‍්‍රයේ නිරතවිය.

මෙහිදී අදහස් දැක්වූ මොහොමඩ් සිම්සාන් මහතා ජනපති තුමන් සේනාධිනායකයා ලෙස විශිෂ්ට නායකත්වයක් ලබාදෙමින් උතුරේ ත‍්‍රස්ත‍්‍ර ප‍්‍රශ්නය මුළුමනින්ම විසඳීමට කි‍්‍රයාකරමින් සිටින මේ මොහොතේපවා පක්ෂ බේදයෙන් තොරව එතුමා ශක්තිමත් කිරීම ජාතික වගකීමක් බව ප‍්‍රකාශ කෙළේය.

ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා කටයුතු කරන අතරතුර රටේ සංවර්ධන කි‍්‍රයාදාමයද අඛන්ඩව ඉදිරියට ගෙන යන මේ රජයේ ජයග‍්‍රහණය සඳහා ඉදිරියේදී කැපවී කි‍්‍රයාකරන බවද හෙතෙම පැවසුවේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා