විශ්වමඩු ම්ලේච්ඡ ප‍්‍රහාරය හෙළාදකිති

කොටි ත‍්‍රස්තවාදීන් දෙමළ අහිංසක ජනයා මරාගෙන මැරෙන බෝම්බකාරියක් යොදාගෙන පෙරේදා (9) ඝාතනය කළ බවත් මුළු ලෝකයම ඒ අමානුෂික කි‍්‍රයාව හෙළා දැක තිබියදී දෙමළ ජාතික සන්ධානය මෙතෙක් කිසිදු ප‍්‍රකාශයක් නොකිරීමෙන් ඔවුන් එල්. ටී. ටී. ඊ. නියෝජිතයන් බව තහවුරු වෙනවා.

- ආනන්ද සංගරී


 


මේ ම්ලේච්ඡ ප‍්‍රහාරය ලෝකයේ කිසිවකු හෝ අනුමත කරනේ නැහැ.

මෙවැනි කි‍්‍රයා නොකිරීමට සියලු දෙනා එක් ව ත‍්‍රස්තවාදීන්ට බල කළ යුතුයි. අහිංසක අවතැන් වූ සිවිල් ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යාමට නොදී සිදුකරන මේ කි‍්‍රයා භේදයකින් තොරව හෙළා දැකිය යුතුයි.

- නියාස් මවුලවි තුමා
 


යුද්ධ පවතින බොහෝ රටවල් තිබෙනවා. යුද්ධවලදී පවා පිළිගත්තු ආචාරශීලී ක‍්‍රම තිබෙනවා. එවැනි ආචාරශීලීකමක් කොටින්ට නැහැ.

එල්. ටී. ටී. ඊ. යේ ග‍්‍රහණයෙන් මිදී ආරක්‍ෂාව පතා, රජයේ ප‍්‍රදේශවලට පැමිණෙන ජනතාව,ඝාතනය කිරීමෙන් ත‍්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡත්වය පැහැදිලියි.

- අලුත්වැව සෝරත නාහිමි
 


මරාගෙන මැරෙන කොටි කාන්තාවක් විසින් රජයේ පිළිසරණ පතා පැමිණෙමින් සිටි අහිංසක දෙමළ ජනතාව ඝාතනය කිරීම නින්දිත කි‍්‍රයාවක්. මේ මිනීමරු කුරිරු ත‍්‍රස්තවාදය මේ රටෙන් තුරන් කොට සෑම ජනකොටසකම නිදහසේ ජීවත්වීමට රජය විසින් කි‍්‍රයාත්මක කරන වැඩපිළිවෙළට ප‍්‍රසාදය පළකරනවා.

- කැපිපෙටියාගොඩ සිරිවිමල නාහිමි


 


ද්‍රවිඩ ජනතාව මිනිස් පළිහෙන් නිදහස් වුවහොත් ඉදිරි දින කිහිපයේ ප‍්‍රභාකරන්ගේ පැවැත්මද අවසන් කැර ත‍්‍රස්තවාදය මුළුමනින්ම අවසන් කිරීමට හැකිවෙනවා. වර්ග කිලෝමීටර් ප‍්‍රමාණයකට සීමා වී ඇති ප‍්‍රභාකරන් ගේ ත‍්‍රස්තවාදයේ අවසන් සියයට පහක ප‍්‍රමාණයට ඇතමුන් අද ඔක්සිජන් ලබාදීමට කි‍්‍රයා කරනවා.

- ඇමැති කෙහෙලිය

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා