ශ‍්‍රී ලංකාව ගැන බොරු ප‍්‍රචාරයට මාධ්‍යවේදීන් 30ක් ගෙන්වයි

එන්.ජී.ඕ වලින් යැපෙන පුවත්පත් ආයතනයක්

ශ‍්‍රී ලංකාව ගැන බොරු ප‍්‍රචාරයට මාධ්‍යවේදීන් 30ක් ගෙන්වයි

රාජ්‍ය නොවන සංවිධානවලින් ලැබෙන කෝටි ගණන් මුදල්වලින් යැපෙන මෙරට ප‍්‍රසිද්ධ පුවත්පත් ආයතනයක් උතුරේ සිදුවෙන මෙහෙයුම් විදේශ රටවලට වාර්තා කරවීම සඳහා විදේශීය මාධ්‍යවේදීන් 30 දෙනෙකු මෙරටට ගෙන්වා ගෙන තිබේ.

මෙසේ පැමිණ සිටින විදේශීය මාධ්‍යවේදීහු උතුරට යාමට අවසර ලැබෙන තෙක් කොළඹ තරුපහේ හෝටල්වල නවැතී සිටිති.

උතුරේ සිදුවෙන මෙහෙයුම් වාර්තා කරන ජාතික පුවත්පත් සහ විද්‍යුත් නාලිකාවල මාධ්‍යවේදීන් සමඟ මේ විදේශීය මාධ්‍යවේදීන් උතුරට යැවීමට කටයුතු කරමින් සිටී.

මේ සඳහා උතුරේ මෙහෙයුම් වාර්තා කිරීමට යන මාධ්‍යවේදීන් කීප දෙනෙකුගෙන්ම එම පුවත්පත් ආයතන ප‍්‍රධානියෙක් උදවු ඉල්ලා ඇති බවද බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇත.

ඒ සඳහා ඉල්ලන මුදලක් ගෙවීමටද යෝජනා කර තිබේ. උතුරේ සිදුවෙන මෙහෙයුම්වල තොරතුරු හා ඡායාරූප මේ විදේශීය මාධ්‍යවේදීන්ට ඒ සඳහා ඉල්ලන මුදලක් ගෙවීමටද යෝජනා කර තිබේ. උතුරේ සිදුවෙන මෙහෙයුම්වල තොරතුරු හා ඡායාරූප මේ විදේශීය මාධ්‍යවේදීන්ට ලබාදෙන ලෙසද ඉල්ලීම් කර තිබේ.

මෙම පිරිස මෙරටට කැඳ වූ පුවත්පත් ආයතනය මොවුන්ව උතුරට ගෙනයෑමට අවස්ථාව ලබා ගැනීමේ දැඩි උත්සාහයක යෙදී සිටියි. මේ අතර වවුනියාවේ රැඳී සිටින රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකටද එම විදේශ මාධ්‍යවේදීන් හඳුන්වා දී ඇත.

එම පුවත්පත් ආයතනයේ අරමුණ වී තිබෙන්නේ මෙරට සිදුවන මානුෂීය මෙහෙයුමට වැරදි අර්ථකථනයක් ලබාදී විදේශ රටවල් රජය අපකීර්තියට පත් කරවමින් එල්.ටී.ටී.ඊ. ය බේරා ගැනීමේ දැවැන්ත උත්සාහයකට බව බුද්ධි අංශ පවසයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා