මෙහෙයුම් ගැන බොරු කියන්න මාධ්‍යවේදීන් එතෙරට

මෙහෙයුම් ගැන බොරු කියන්න මාධ්‍යවේදීන් එතෙරට

සිවිල් වැසියන් බේරා ගැනීමට අරඹා ඇති මානුෂීය මෙහෙයුම් ගැන වැරැදි ප‍්‍රචාරයන් දීමේ අරමුණින් ශී‍්‍ර ලංකාවේ මාධ්‍යවේදීන් 13 දෙනෙක් පෙරේදා (9) බංග්ලාදේශයේ ඩකා නුවර බලා පිටත්ව ගියහ.

රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය කරන ප‍්‍රසිද්ධ ආයතනයක් වන Ya TV  සමඟ South Asian Media Association  නම් වූ රාජ්‍ය නොවන සංවිධානය මේ පිරිස බංග්ලාදේශයට ගෙන ගොස් තිබේ.

පරාජයකට පත්වී සිටින කොටි නායකයා ගලවා ගැනීමට ශී‍්‍ර ලංකාවේ මාධ්‍යවේදීන් ලවා ජාත්‍යන්තර ප‍්‍රජාවට බලපෑම් කිරීම මේ සංචාරයේ අරමුණ වී ඇත. මේ සඳහා සියලු වියදම් එම රාජ්‍ය නොවන සංවිධානය දරන බව වාර්තා වෙයි.

ජාතික පුවත්පත් වල සේවය කරන හා කලින් එම පුවත්පත්වල සේවය කළ මාධ්‍යවේදීහු පිරිසක් සහ දෙමළ පුවත්පත් කීපයක කර්තෘවරු මේ 13 දෙනාට ඇතුළත් වෙති. ඩකා නුවරට ගිය එම පිරිස ඊයේ (10) සම්මේලනයක් පැවැත් වූහ. ශී‍්‍ර ලංකා හමුදාව දෙමළ ජනතාවට ප‍්‍රහාර එල්ල කරන බවට ප‍්‍රචාරයක් මේ සමුළුවේ දී ලබාදීමට සූදානම් වන බව දැනගන්නට තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා