මුලතිව්වලින් පැමිණෙන සිවිල් ජනයාට සියලු සෞඛ්‍ය පහසුකම් ලබාදෙනවා

මුලතිව්වලින් පැමිණෙන සිවිල් ජනයාට
සියලු සෞඛ්‍ය පහසුකම් ලබාදෙනවා

- සෞඛ්‍ය ඇමැති

මුලතිව්හි මුදානොගත් ප‍්‍රදේශයේ සිට රජයේ ආරක්ෂක කලාපයට පැමිණෙන සිවිල් ජනතාවට සහ ඔවුන් අතර සිටින රෝගීන් හට අවශ්‍ය සියලුම ඖෂධ වර්ගමෙන්ම සෞඛ්‍ය පහසුකම් කිසිදු අඩුවකින් තොරව සැපැයීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවරගෙන ඇතැයි සෞඛ්‍ය ඇමැතිවරයා අවධාරණය කරයි.

ඕනෑම හදිසි අවශ්‍යතාවකට මුහුණදීමට අමාත්‍යංශය සූදානම් බවත් මේ වන විටත් එය නොපිරිහෙලා ඉටුවෙමින් පවතින බවත් ප‍්‍රකාශ කර සිටින ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා වව්නියාව හා මුලතිව් ප‍්‍රදේශවලින් පැමිණෙන ජනතාවට සෞඛ්‍ය පහසුකම් නොමැති බවට අන්තර්ජාතික සංවිධාන කීපයක් විසින් ගෙන යන ප‍්‍රචාරයේ කිසිදු සත්‍යතාවක් නොමැති බවද කියයි.

ආරක්ෂක කලාපයට පැමිණ සුබසාධන ගම්මානවල නැවතී සිටින සිවිල් ජනතාවට වගේම එමින් සිටින සහ තවත් පැමිණීමට නියමිතව සිටින ජනතාවට අවශ්‍යතරමට සෞඛ්‍ය පහසුකම් සැලසීමට තවත් දින තුනකින් පත්වීම් ලබාගන්නා රජයේ වෛද්‍ය නිලධාරීන් තුන්සිය අසූදෙනෙක් (380) එම ප‍්‍රදේශවලට අනුයුක්ත කිරීමට තමා තීරණය කැර ඇතැයිද ඔහු කීවේය.

එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන්ගෙන් මිදී ආරක්ෂක කලාපය වෙත පැමිණෙන සිවිල් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ඊයේ (10) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැති අවස්ථාවේදී ඇමැතිවරයා මේ බව ප‍්‍රකාශ කෙළේය.

මේඅතර ලෝකයේ යුද්ධයක් පවතින කිසිම රටක නොමැති ලෙසින් යුද පෙදෙස්වල සිටින කිසිම වැසියකුට මැලේරියා පාචනය ඇතුළු බෝවන කිසිදු රෝගයක් වැළ¼ඳී නැතැයි පැවැසූ ඒ මහතා මුළු රටේම එකම විදියේ ප‍්‍රාථමික සෞඛ්‍ය සංවර්ධනයක් තිබූ බවට එය හොඳම සාක්ෂියක් බවද කීවේය.

යුද්ධයක් පැවතුනද රටේ අනෙකුත් රෝහල්වලට බෙදාහරින ලෙසටම උතුරු නැගෙනහිර රෝහල්වලටද අවශ්‍ය පරිදි ඖෂධ යැවීම කරනු ලැබූ නිසා කිසිම වේලාවක එම රෝරල්වල ඖෂධ හිඟයක් නොතිබුණ බවද මෙහිදී ඇමැතිවරයා ප‍්‍රකාශ කෙළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා