පවුල් සෞඛ්‍ය සේවාවටනව නිලධාරින් 800ක්

පවුල් සෞඛ්‍ය සේවාවට නව නිලධාරින් 800ක්

පවුල් සෞඛ්‍ය සේවාවේ පුහුණුව සඳහා 800 ක් ඉක්මනින් බඳවා ගැනීමට රජය තීරණය කැර තිබේ.

උතුරු නැඟෙනහිර අයැදුම්කාරියන් සඳහා විශේෂ පහසුකම් සැලැසීමටත්, අධ්‍යාපන සුදුසුකම් ලෙස අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වී තිබීමත් ප්‍රමාණවත් වන අතර අනෙකුත් පළාත් සඳහා අ.පො.ස. උසස් පෙළ සමත් අවිවාහක කාන්තාවන්ගෙන් ඉල්ලුම්පත් කැඳවනු ලැබේ. සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ නියෝජිත පිරිසක් හමුවේ මේ බව පවසා ඇත.

මේ පිළිබඳව අදහස් දැක් වූ සංගමයේ ජාතික සංවිධායිකා ඩල්සි හේමලතා සිල්වා මහත්මිය පැවැසුවේ රටේ පවතින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින්ගේ ඌණතාවය පිළිබඳව අවධානය යොමු කොට මෙවැනි ඉක්මන් පියවරක් ගැනීම ගැන ඇමැතිවරයාට කෘතවේදීත්වය පළකරන බවය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා