ගංවතුර නිසා ගොඩගැසුණු ලියුම් බෙදීම කඩිනමින්

ගංවතුර නිසා ගොඩගැසුණු ලියුම් බෙදීම කඩිනමින්

ජල ගැලීම් හේතුවෙන් තැපැල් සහ සන්නිවේදන කටයුතුවලට ඇති වූ බාධා මේ වනවිට ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

තැපැල් කාර්යාල ගණනාවක් ජලයෙන් යටවීම සහ ජල ගැලීම් හේතුවෙන් තැපැල් බෙදීමේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට නොහැකි වූ බව ප්‍රකාශ කරන තැපැල් හා විදුලි සංදේශ ඇමැති ජීවන් කුමාරතුංග මහතා එම බාධා ඉවත්වෙමින් පවතින බව කීය.

ජල ගැලීම් නිසා ඍජුවම පීඩාවට පත් වූ තැපැල් සේවකයන් වෙනුවට ආදේශකයන් යොදවා ලියුම් බෙදා අවසන් කිරීමට කටයුතු යොදන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා