ජල ගැලීමෙන් අවතැන් වූ ඉතිරි පිරිසත් යළි පදිංචි කිරීමට පියවර

ජල ගැලීමෙන් අවතැන් වූ ඉතිරි පිරිසත් යළි පදිංචි කිරීමට පියවර

හදිසි ජල ගැලීම් තත්ත්වයෙන් අවතැන් වූ පිරිසෙන් දැනට ඉතිරි වි සිටින ලක්ෂ දෙකක පිරිස ඉදිරි දින දෙක ඇතුළත නැවත පදිංචි කිරීමට පියවර ගන්නා බව රජය අවධාරණය කරයි.

ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් ජල ගැලීම් හා අයහපත් කාලගුණය නිසා විපතට පත්වූ බවත්, ඒ අතුරින් වැඩි කොටසක් ඊයේ (24) වන විට නැවත තම නිවෙස්වල පදිංචි වී තිබෙන බවත් ආපදා කළමනාකරණ ඇමැති ඒ. එච්. එම්. ෆවුසි මහතා ‘දිනමිණ’ ට ඊයේ (24) පැවැසීය.

 මේ ජල ගැලීමත් සමඟ ජනතාවට සහන ලබාදීමට ක්‍රියාත්මක වූ රජය ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ආහාර ලබාදීමට පියවර ගත්තේ ය. විපතට පත්වූවන් සඳහා අහාර ලබාදීමට පමණක් රජය රුපියල් මිලියන 35 ක් වැයකර ඇත. ඊට අමතරව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත ලෝක ආහාර සංවිධානය මඟින් විපතට පත් වූවන්ට ආහාර ලබාදීම සිදුකළ බව ආපදා කළමනාකරණ ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා