ගංවතුරින් අවතැන් වූ පවුල් 10,000කට මන්ත්‍රී දුමින්ද සිල්වා පිහිට වෙයි

ගංවතුරින් අවතැන් වූ පවුල් 10,000කට මන්ත්‍රී දුමින්ද සිල්වා පිහිට වෙයි

ගංවතුරෙන් අවතැන් වූ කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් දස දහසකට වියළි ආහාර ද්‍රව්‍ය සහ නිවාස අලුත්වැඩියා කර ගැනීම සදහා අමුද්‍රව්‍ය ලබාදීමට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතා පියවර ගෙන තිබේ.

කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ සෙසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලත් එක්ව ආපදා කළමනාකරණ අමාත්‍යංශය, දිස්ත්‍රික් සංවිධායකවරුන් සමඟ එක්ව අද (25) එම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

මීට අමතරව රජයේ නිලධාරින්ට සහාය වෙමින් ඇළවේලි පිළිසකර කිරීමේ වැඩපිළිවෙළට දායක වීමද දුමින්ද සිල්වා පදනම මඟින් ඊයේ (24) සිදු කොට තිබේ.

ගංවතුරෙන් විපතට පත් පවුල්වලට පසුගිය දින කිහිපය පුරාම කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ එක්ව පිසූ ආහාර ද්‍රව්‍ය ලබාදීමටද දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා පියවර ගෙන තිබුණි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා