හිටපු මන්ත්‍රීවරුන් 10ක් නිල නිවාසවල ‘පැළ වෙලා’

හිටපු මන්ත්‍රීවරුන් 10ක් නිල නිවාසවල ‘පැළ වෙලා’

නොගියොත් නීතිමය පියවර

නිල නිවාසවලින් ඉවත් වන්නැයි දන්වා තිබියදීත් තවමත් රැදී සිටින මන්ත්‍රීවරුන් දස දෙනා සම්බන්ධයෙන් ඉදිරි දින කීපයේ දී නිත්‍යනුකූල පියවර ගැනීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කරයි.

කැප්පෙට්ටිපොල මාවතේ පිහිටි රජයේ නිවාසවල මේ පිරිස රැදී සිටින බැවින් ඔවුන්ට එරෙහි ව රාජ්‍ය දේපළ සන්තකයට ගැනීමේ පනත යටතේ නඩු පවරා පිස්කල් බලය යොදා එම පිරිස ඉවත් කරන බව ද අමාත්‍යංශ ලේකම් සී. දිසානායක මහතා පැවසීය.

මහ මැතිවරණය අවසන් වී සති දෙකක් ඇතුළත එම රජයේ නිල නිවාස භාරදීමට කටයුතු කරන්නැයි රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය අදාළ පරාජිත මන්ත්‍රීවරන්ට දැන්වූ බව ද ලේකම්වරයා සඳහන් කළේය. එහෙත් එම නියෝග නොසලකා කටයුතු කරන්නේ නම් ඉදිරි දින කීපය ඇතුළත තීරණයක් ගැනීමට සිදුවන බව ද හෙතෙම අවධාරණය කෙළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා