දුෂ්කර පාසල් නංවන්න පෞද්ගලික අංශයට ආරාධනා

දුෂ්කර පාසල් නංවන්න පෞද්ගලික අංශයට ආරාධනා

අඩු පහසුකම් සහිත අතිදුෂ්කර පාසල්හි භෞතික සම්පත් සංවර්ධනය සඳහා පෞද්ගලික අංශය සම්බන්ධ කරගන්නා වැඩසටහනක් ඇරැඹේ.

රට පුරා පිහිටි එවැනි පාසල් හඳුනාගෙන ඒවායේ ගොඩනැගිලි හා උපකරණ පිළිසකර කිරීම මෙන්ම පාසල් භූමිය සිත් ඇදගන්නා ලෙස සැකසීම, ආරක්‍ෂිත වැට ඉදිකිරීම, සනීපාරක්‍ෂක පද්ධති ඉදිකිරීම යනාදී කටයුතු සඳහා පෞද්ගලික ආයතන සම්බන්ධ කර ගැනීම අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් අනුව සිදු කරන්නකි.

මේ වැඩපිළිවෙළෙහි පළමුවැන්න ඒ මහතා අධ්‍යාපන ඇමැති පදවියට පත්වී නොබෝ දිනකින්ම හංවැල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පඤ්ඤාගුල මහා විද්‍යාලය සංවර්ධනය කිරීමෙන් ආරම්භ වී තිබේ. ළමයින් හැත්තෑ දෙදෙනකු ඉගෙනීම ලබන පඤ්ඤාගුල මහා විද්‍යාලය සංවර්ධනය භාරගෙන ඇත්තේ හේලීස් ආයතනය බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධරයෙක් දිනමිණ ට කීවේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා