බස්නාහිර පළාතේ උපාධිධාරීන් 234කට ගුරු පත්වීම්

බස්නාහිර පළාතේ උපාධිධාරීන් 234කට ගුරු පත්වීම්

බස්නාහිර පළාතේ උපාධිධාරීන් 234 දෙනකු සඳහා ගුරු පත්වීම් ප්‍රදානය කෙරේ.

මේ සඳහා වන පත්වීම් ලිපි ප්‍රදානය 29වැනි දින පෙ. ව. 10.00 ට බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති කාර්යාලීය ශ්‍රවණාගාරයේදී (ශ්‍රාවස්ති) පැවැත්වීමට නියමිතය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ “නැණ ගුණ වැඩුම” මහින්ද චින්තන රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට දිරි දීමක් වශයෙන් මේ ගුරු පත්වීම් ප්‍රදානය කෙරෙනු ඇත.

මීට සමගාමීව පළාත් පාලන ආයතන සදහා තාක්‍ෂණ නිලධාරීන් 11 දෙනකුට පත්වීම් ලබා දීමට ද කටයුතු යොදා ඇති අතර, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මවුලානා හා ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහත්වරු මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වීමට නියමිතය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා