මිලියන 140ක ලාභය ජනපතිට බාරදීමට පියවර

ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය ලැබූ

මිලියන 140ක ලාභය ජනපතිට බාරදීමට පියවර

රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයට අයත් ආයතනවලින් මේ වසරේ රුපියල් මිලියන 140 ක ලාභාංශ ප්‍රමාණයක් උපයා ගැනීමට හැකිව තිබේ. රාජ්‍ය වැවිලි සමිගම් වන කුරුණෑගල වැවිලි සමාගම හා හලාවත වැවිලි සමාගමෙන් රුපියල් මිලියන 70ක් ද,  ලංකා ඛනිජ වැලි සංස්ථාවෙන් රුපියල් මිලියන 70 ක් ද වශයෙන් මේ ලාභාංශ ප්‍රමාණය ලැබී තිබේ.

මේ මුදල ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ලබන මස මුලදී භාර දීමට කටයුතු කරන බව රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය විලී ගමගේ මහතා පැවැසීය.

රජය සතු වැවිලි සමාගම් පහ මෙන්ම ලංකා ඛනිජවැලි සංස්ථාව ද ඉකුත් සමයේ පාඩු ලබමින් පැවතිණි. මේවායේ කළමනාකරණය විධිමත් කිරීමෙන් පසු දැන් ඒවා ලාභ ඉපයීමට පටන් ගෙන තිබේ. රාජ්‍ය වැවිලි සමාගම් 2009 වසරේ ලාභාංශය ලෙස රුපියල් මිලියන 51ක මුදලක් රජයට උපයා දීමට සමත් විය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා