දේපළ ආරවුල් ගැන පැමිණිලි මහජන දිනයදා ඉදිරිපත් කරන්න

දේපළ ආරවුල් ගැන පැමිණිලි මහජන දිනයදා ඉදිරිපත් කරන්න

පොලිස්පති ජනතාවගෙන් ඉල්ලයි

පුද්ගලික නිවාස, ව්‍යාපාරික ස්ථාන හා හිස් ඉඩම්වලට බලහත්කාරයෙන් හෝ අයතු ලෙස ඇතුළු වීම, දේපළ පරිහරණය සහ ව්‍යාජ ඔප්පු සකස් කිරීම ආදිය පිළිබඳ පොලිසියට පැමිණිළි ගණනාවක් ලැබී තිබේ.

මේ පිළිබඳ මතු වී ඇති ගැටලු පිළිබඳ පොලිස්පතිවරයා හමුවී පැමිණිළි ඉදිරිපත් කිරීමට සෑම සිකුරාදා දිනකම පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන මහජන දිනයේදී හැහි බව පොලිස්පති මහින්ද බාලසූරිය මහතා සඳහන් කරයි.

එදිනට පැමිණීමට අපහසු නම් ෆැක්ස් අංක 0112325391 මගින් නියෝජ්‍ය පොලිස්පති, අපරාධ පොලිස් මූලස්ථානය වෙත දැනුම් දීමට හැකි බවත් එවැනි පැමිණිලි සැකයකින් තොරව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් හෙතෙම මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මෙවැනි පැමිණිලි පිළිබඳ පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් පරීක්ෂණ පැවැත්වීමට පියවර ගැනේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා