ඉදිරි දින දෙකේදී යළිත් තද වැසි

ඉදිරි දින දෙකේදී යළිත් තද වැසි

වෙනස් වන වායුගෝලීය තත්ත්වය හේතුවෙන් නැවතත් ඉදිරි දින දෙකේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලට හා ගාල්ල මාතර දිස්ත්‍රික්කවලට විටින්විට වැසි ඇතිවේ. බස්නාහිර හා නිරිතදිග මුහුදු ප්‍රදේශ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව දෙපාර්තමේන්තුව කියයි.

සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ. සුළං නිරිත දිගින් හමන අතර සුළඟේ වේගය පැයට කි.මීටර් 30ත් 40ත් අතර වේ.

විටෙක මෙය 50 පමණ දක්වා වැඩිවිය හැකිය. දිවයිනේ සෙසු මුහුදු ප්‍රදේශ තරමක් රළුවේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා