ඩෙංගු මර්දනයට වීදි බසින්න කමිටු පහක් ක්‍රියාත්මකයි

ඩෙංගු මර්දනයට වීදි බසින්න කමිටු පහක් ක්‍රියාත්මකයි

- ඇමැති මෛත්‍රීපාල සිරිසේන

ඩෙංගු මර්දනය සඳහා වූ කමිටු පහක් ජාතික මට්ටමේ සිට බිම් මට්ටම දක්වා පිහිටුවීමට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු යොදා ඇත. ඒ අනුව පිහිට වූ කමිටු වන ජාතික කමිටුව මාස තුනකට වරකුත් පළාත් කමිටුව මාස දෙකකට වරකුත්, දිස්ත්‍රික් කමිටුව මාසයකට වරකුත්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් පිහිට වූ කමිටුව සති දෙකකට වරක්, ග්‍රාම නිලධාරි මට්ටමෙන් පිහිට වූ කමිටුව සතියකට වරක් වශයෙන් රැස් වේ.

මීට අමතරව ඩෙංගු රෝගයට එරෙහිව ජනතාව වීදි බැස්සවීම සඳහා ඩෙංගු මර්දනය කිරීමට වීදි බසිමු තේමාව යටතේ වැඩපිළිවෙළක් ප්‍රථම වරට මෙරට ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් යොදා ඇත. ජනාධිපති ඩෙංගු කාර්ය සාධක බළකාය ප්‍රථම වරට අද (25දා) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී රැස්වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදි ඇමැතිවරයා මේ බව ඊයේ (24දා) ප්‍රකාශ කර සිටියේ ය. ඩෙංගු රෝගය මෙරටින් තුරන් කිරීමේ ඉලක්කය ජයග්‍රහණය කිරීම සඳහා මහජනතාවගේ පුළුල් දායකත්වය ලබා ගැනීමේ අරමුණෙන් මෙසේ කමිටු පිහිට වූ බවත්, මේ කමිටු ලබන මස 5 වැනිදාට ප්‍රථම සෑම දිස්ත්‍රික්කයකම ස්ථාපිත කිරීමට කටයුතු කර ඇති බවත් ඇමැතිවරයා පැවැසුවේ ය.

ඩෙංගු මර්දනයට යොදා ගන්නා බී. ටී. අයි. බැක්ටීරියාව දේශීයව නිෂ්පාදනය කරන ආයතනවලින් මිලදී ගැනීම සඳහා වූ තීරණය ඉදිරි පැය 48 තුළ දී ගන්නා බවත් ඇමැතිවරයා කීය.

මේ වන විට ඩෙංගු රෝගය දිස්ත්‍රික් 15ක පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 65ක බරපතල වශයෙන් ව්‍යාප්ත වී ඇති බවත්, එම කොට්ඨාස 65 තුළම සෞඛ්‍ය ඇමැතිවරයා වශයෙන් තමන් හා නියෝ්ජ්‍ය ඇමැති මහින්ද අමරවීර මහතාගේ ද සහභාගීත්වයෙන් ඩෙංගු රෝග මර්දන කටයුතු සඳහා ;පෟද්ගලිකවම දායකත්වය ලබාදෙන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කෙළේ ය.

මේ අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති මහින්ද අමරවීර, අතිරේක ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන මහත්වරු ද සහභාගී වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා