පොලිසියේ අය මුණ ගැසීමට කාහටවත් මුදල් දෙන්න එපා

පොලිසියේ අය මුණ ගැසීමට කාහටවත් මුදල් දෙන්න එපා

පොලිස් මූලස්ථානය කියයි

පොලිස් දෙපාර්තමේන්තුවේ ඕනෑම අංශයක ඕනෑම නිලධාරියකු සෘජුව මුණ ගැසීමේ අවස්ථාව ඇති බවත් පොලිස් නිලධාරින් හමුවීම සඳහා කිසිදු පුද්ගලයකුට මුදල් ගෙවීමට අවශ්‍ය නැති බවත් පොලිස් මූලස්ථානය ජනතාවට දැනුම් දෙයි.

රහස් පොලිසිය ඇතුළු තවත් අංශ වෙත පුද්ගලයන් යොමු කිරීම සඳහා රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ පහ දක්වා මුදල් අය කර ගන්නා පුද්ගලයන් පිළිබඳ පොලිස් මූලස්ථානයට තොරතුරු ලැබී අති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට වහාම කටයුතු කරන බවත් පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් ‘දිනමිණ’ ට ඊයේ (24) පැවැසීය.

පොලිස්පති මහින්ද බාලසූරිය මහතා හමුවීම සඳහා පොලිස් මහජන සම්බන්ධතා මැදිරියක් මේ වන විට ක්‍රියාත්මක කර ඇත. අයුතු ලෙස පුද්ගලයන් මුණ ගස්වන බව පවසා මුදල් ගැනීම සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් එම තොරතුරු පොලිස් මූලස්ථානයට ලබා දෙන ලෙසද පොලිස් මූලස්ථානය ඉල්ලීමක් කරයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා