වෛද්‍යවරයාගේ වෙද නලාව හා උපකරණ පැහැර ගත්තැයි රෝගියාගේ මිතුරන් 5ක් අත්අඩංගුවට

වෛද්‍යවරයාගේ වෙද නලාව හා උපකරණ පැහැර ගත්තැයි
රෝගියාගේ මිතුරන් 5ක් අත්අඩංගුවට

හදිසි අනතුරට ලක් වූ පුද්ගලයකුට ප්‍රතිකාර කරමින් සිටි පිළියන්දල රෝහලේ වෛද්‍යවරයකු ගේ වෙද නලාව සහ ශ්වසනය සඳහා වායුව ලබා දෙන මුහුණ ආවරණය සොරාගත් අනතුරට පත් පුද්ගලයාගේ මිතුරන් පස් දෙනෙකු පෙරේදා (09) රාත්‍රි සැකපිට අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ කලිසම් සාක්කුව තුළ සඟවාගෙන සිටි එම උපකරණ දෙකම පොලිසිය මගින් සොයා ගෙන ඇත.

මේ සැකකරුවන් පිරිස යතුරු පැදි වලින් ගමන් කරමින් සිටියදී කැස්බෑව ප්‍රදේශයේ දී අනතුරට ලක් වී ප්‍රතිකාර ගැනීම සඳහා එක් පුද්ගලයකු රෝහලට ඇතුළත් කර වෛද්‍යවරයා ඔහුට ප්‍රතිකාර කරමින් සිටියදී මේ සොරකම කර ඇතැයි පොලිස් පරීක්‍ෂණ වලදී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් පිරිස බණ්ඩාරගම වැලිමිල්ල පදිංචිකරුවන් බව පොලිසිය කියයි. සැකකරුවන් ඊයේ (10) කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. පිළියන්දල පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා