දෙදරු පියෙක් සමඟ පාසල් ඇඳුමින් සිසුවියක් කළුතර ළැඟුම් හලක

දෙදරු පියෙක් සමඟ පාසල් ඇඳුමින් සිසුවියක් කළුතර ළැඟුම් හලක

පාසල් නිල ඇඳුමෙන් සැරසී සිටි 14 හැවිරිදි සිසුවියක් හා ඇගේ පෙම්වතා බව කියන 24 හැවිරිදි දෙදරු පියකු කළුතර බොලොස්සගම ළැගුම් හලක සිටියදී ඊයේ (10) දහවල් දකුණු කළුතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිසුවිය හොරණ දොඩංගොඩ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන අතර ලැගුම් හල් හිමිකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලලිත් පතිනායක, පොලිස් අධිකාරී සරත් සී. පෙරේරා, කළුතර මූලස්ථාන පොලිස් පරීක්‍ෂක සමන්ත වෙදගේ සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සුනෙත් ශාන්ත යන මහත්වරු වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා