දකුණු කොළඹ වරායේ දිය කඩනයේ ප්‍රථම අදියර නිමයි

දකුණු කොළඹ වරායේ දිය කඩනයේ ප්‍රථම අදියර නිමයි

දකුණු කොළඹ වරායේ දියකඩනයේ ප්‍රථම අදියරේ වැඩකටයුතු අමෙරිකානු ඩොලර් මිලියන 300ක වියදමින් අවසන් කර ඇති බව වරාය නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය. මේ වන විට කිලෝ මීටර් හතරක පමණ දුරක් මෙම දියකඩනය ඉදිකර ඇති බවත් හෙක්ටයාර 520ක භූමි ප්‍රමාණයක් ගොඩ කර ඇති බවත් අබේගුණවර්ධන මහතා සඳහන් කෙළේය.

කිලෝමීටර් 6.8ක දිගකින් යුතුව මේ දියකඩනය ඉදිකිරීම් කටයුතු 2012 වසර වන විට අවසන් කළ හැකි බව නියෝජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය. ඊයේ (10) පස්වරුවේ කොළඹ වරාය භූමියේ දී මාධ්‍යවේදීන් හමුවේ ඇමැතිවරයා මේ අදහස් පල කෙළේය. වරාය භූ®මියේ නව ඉදිකිරීම් දැක බලා ගැනීම සඳහා මාධ්‍ය ආයතන රැසක නියෝජිතයන් එහි පැමිණ සිටියේය.

එහිදී රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේද කීය. අද අපි මේ රටේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඉන් එකක් තමයි මේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව මේ රට සංවර්ධන සටනක නියැලිලා ඉන්නේ. කොළඹ වරාය සංවර්ධන ව්‍යාපෘතිය තුළින් අපට ලෝකයේ ඉහළ තැනකට යා හැකියි. ඉදිරියේදී කොළඹ වරායට පැමිණෙන නැව් ගණන විශාල වශයෙන් වැඩි වේවි. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්‍ෂයට අපි කියනවා මේ වැඩභූමිවලට පැමිණිලා අපේ සංවර්ධන ව්‍යාපෘති බලන්න කියලා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා