පොල් ඉඩම් කට්ටි කිරීම සීමා කිරීමට නව නීති

පොල් ඉඩම් කට්ටි කිරීම සීමා කිරීමට නව නීති

පොල් ඉඩම් කට්ටි කිරීම සීමා කිරීමේ නව නීති කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා පවසයි. අත්තනෝමතිකව පොල් ඉඩම් කට්ටි කිරීම නිසා පොල් නිෂ්පාදනය අඩුවෙමින් පවතින බවත් මේ ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදීමට නව නීති ගෙන එන බවත් හෙතෙම සඳහන් කළේය. පොල් නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා රජය මේ වනවිටත් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද පුෂ්පකුමාර මහතා පැවසීය.

මෙරට පාරිභෝජනය සඳහා අවශ්‍ය පොල් ආනයනය කිරීමට රජය පියවර ගෙන ඇති බවත්, පොල් නිෂ්පාදකයන්ට වන පාඩුවට දිරිගැන්වීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා කීවේය. බුත්තල දැයට කිරුළට සමගාමීව පැවැත්වෙන කෘෂිකර්ම නිෂ්පාදකයන් දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (10) පැවති උත්සවයක දී පුෂ්පකුමාර මහතා මේ බව ප්‍රකාශ කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා