රැඳවියන් තිදෙනෙක් හෙරොයින් තබාගෙන මාට්ටු

රැඳවියන් තිදෙනෙක් හෙරොයින් තබාගෙන මාට්ටු

බෝගම්බර බන්ධනාගාරය තුළ මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ යෙදුණු රැඳවියන් තිදෙනකු හෙරොයින් මත්කුඩු පැකට් 46ක් හා එවැනි පැකට් පන්සියයක් පමණ සැකසිය හැකි හෙරොයින් ග්රෑම් 4යි මිලිග්රෑම් 940ක් සමඟ බන්ධනාගාර නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (09) අත්අඩංගුවට ගෙන මහනුවර මූලස්ථාන පොලිසිය වෙත භාර දී ඇත. මහි එක් රැඳවියකු සතුව පැකට් 46ක් හා අනෙක් සැකකරුවන් දෙදෙනා සතුව ග්රෑම් 4යි මිලි ග්රෑම් 510යි හා මිලිග්රෑම් 430 ක් වශයෙන් හෙරොයින් තිබූ බැව් බන්ධනාගාර නිලධාරිහු පවසති.

පුදුකුඩුඉරිප්පු, මන්නාරම හා මාතලේ ප්‍රදේශවල පදිංචි මෙම රැඳවියන් කොල්ලකෑම් ගෙවල් බිඳුම් හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බැව් අනාවරණය වේ. බෝගම්බර බන්ධනාගාර අධිකාරි තිස්ස ජයසිංහ මහතාගේ උපදෙස් මත එහි නිලධාරීහු පිරිසක් හා මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත කුලසේකර මහතාගේ උපදෙස් මත එහි නිලධාරීහු පිරිසක් මෙහි වැඩිදුර පරීක්ෂණ පවත්වති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා