බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් දෙදෙනාට කෝටි 2ක ශරීර ඇප

දළදා මාලිගාවේ ඉඩමකින් දැව වංචා කිරීම

බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් දෙදෙනාට කෝටි 2ක ශරීර ඇප

ශ්‍රී දළදා මාලිගාවට අයත් පේරාදෙණිය මෙගොඩකලුගමුව ප්‍රදේශයේ අක්කර හතරක භූ®මියක දැව හොරෙන් කපා විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් පරීක්ෂකවරයා සහ අනෙක් පුද්ගලයාට එක් අයකුට රුපියල් කෝටියක් බැගින් රුපියල් කොටි දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස මහනුවර මහේස්ත්‍රාත් එස්. යූ. බී. කරල්ලියද්ද මහතා ඊයේ (10දා) නියම කෙළේය.

තවද එක් අයකුට රුපියල් ලක්ෂ විසිපහ බැගින් වු දේපළ සහතිකපත් දෙකක් සහ පදිංචිය සහතික කිරීමේ සහතිකපත් ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා ඔවුනට දැන්වීය. මෙම පුද්ගලයින් දෙදෙනා අදාළ ඉඩමේ කොස් ගිනිසපු ඇතුළු රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමින් යුත් ගස් කපා දැමීමේ චෝදනාව මත ඉකුත් ජනවාරි මාසයේ පේරාදෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා