කැන්දන් ආ මනාලියගේ පිවිතුරු බව නැතැයි කියා නැන්දා-මාමා ඇතුළු ඥාතීන්ට පන්න පන්නා පහර දීලා

කැන්දන් ආ මනාලියගේ පිවිතුරු බව නැතැයි කියා
නැන්දා-මාමා ඇතුළු ඥාතීන්ට පන්න පන්නා පහර දීලා

* මට තීත් එපා තීගේ දෑවැද්දත් එපා

* මනාලයා ගෝරනාඩු කරයි

මනාලියට පිවිතුරු බව ඔප්පු කිරීමට නොහැකි වුවා යයි කුපිතව මනාලයා සිය නිවසට දායාදයක් රැගෙන පැමිණි නැන්දා මාමා ඇතුළු ඥාතීන්ට පන්න පන්නා පහරදීමේ අපූරු පුවතක් ගලගෙදර පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙල්ල කිරීමට නොහැකි තත්ත්වයට පත් මනාලයා විශාල පරිශ්‍රමයක් දරා හීලෑ කරගෙන ඇත්තේ මනාලයාගේ පවුලේ වැඩිහිටි ඥාාතීන්ය.

ඒ අතරතුර මනාලිය හා ඇගේ මව පියා ඇතුළු පිරිස ආසන්න නිවසකට රැගෙන ගොස් ගෙන ආ බඩු බාහිරාදිය එම නිවසේ ආරක්ෂිතව තබා පොලිසියේ සහාය ඇතිව ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට දෙපාර්ශ්වයේ වැඩිහිටි පිරිස තීන්දු කර ඇත. මනාලයා පළමුව පොලිසිය කරා රැගෙන ගොස් දෙවනුව මනාලිය ඇතුළු ඥාතීහු පොලිසිය කරා ආරක්ෂිතව රැගෙන ගොස් දෙපාර්ශ්වයම මුහුණට මුහුණ තබා ප්‍රශ්නය විසඳා දීමට පොලිසියද ඉදිරිපත්ව ඇත.

දෙපාර්ශ්වය සාමකාමී තත්ත්වයට පත්කොට විවාහය ස්ථිර කර දීමට කරුණු කාරණා කියමින් මනාලයා යම් එකඟතාවයකට ගෙන ඒමට පොලිසිය ප්‍රයත්න දැරුවත් එය සාර්ථක වී නැත. අවසානයේ මනාළියගේ පාර්ශ්වය මනාලිය යළි රැගෙන යාමට එකඟ විය. මනාළයා පොලිසියට පවසා ඇත්තේ මට තීත් එපා, තිගේ දෑවැද්දත් එපා මට ජීවිතයත් එපාය කියාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා