ශ්‍රී ලාංකික මෙහෙකාරිය දූෂ්‍ය කොට නිවසේ බඩුත් සොරාගෙන

ශ්‍රී ලාංකික මෙහෙකාරිය දූෂ්‍ය කොට නිවසේ බඩුත් සොරාගෙන

සාජාහි තරුණයෝ 3ක් අත්අඩංගුවේ

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක දූෂ්‍ය කිරීම සහ භාණ්ඩ සොරකම් කිරීමේ චෝදනාව මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තරුණයන් තිදෙනකු සාජා පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

සාජාහි පිහිටි නිවෙසක මේ තරුණිය සේවයේ නිරතව තිබෙන අතර එම නිවසේ භාණ්ඩ සොරකම් කිරීමේ අරමුණින් පැමිණි තරුණයන් මේ කාන්තාව දූෂ්‍ය කොට භාණ්ඩද සොරකම් කර පලාගොස් තිබේ. මෙලෙස පොලිස් අත්අඩංගුවට පත් තරුණයන් අවුරුදු 19 ත් 21 ත් අතර වයසේ පසුවන බව පැවසේ.

එදින තමන් නිවසට පැමිණි අවස්ථාවේ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව මහත් සේ බියට හා කලබලයට පත්ව සිටි බවත් නාඳුනන පුද්ගලයන් තිදෙනකු නිවසට පැමිණ ඒ අතරින් දෙදෙනකු විසින් තමා දූෂ්‍ය කළ බවට ප්‍රකාශ කළ බවත් නිවෙස් හිමියා සාජා පොලීසිය වෙත ප්‍රකාශ කර තිබේ. සාජා පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු පැය කිහිපයක් ඇතුළත සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත්වුහ. නිවෙස් කිහිපයක් කොල්ල කෑ බවට සැකකරුවන් විසින් වරද පිළිගෙන ඇති අතර ඔවුන් සතුව තිබූ සොරකම් කරන ලද භාණ්ඩ තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇත. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පැවැත් වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා