සැක 200කින් පමණ ප්‍රශ්න කළත් කිසිවෙකුත් අත්අඩංගුවට ගත්තේ නෑ

කහවත්තේ ද්විත්ව ඝාතනය

සැක 200කින් පමණ ප්‍රශ්න කළත් කිසිවෙකුත් අත්අඩංගුවට ගත්තේ නෑ

පරීක්ෂණවලට ජනතා සහාය අවශ්‍යයි - පොලිසිය කියයි

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් පුවත අසත්‍ය බව රත්නපුර උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.මෙම ද්විත්ව ඝාතනය ගැන නිවැරැදි තොරතුරු ලබා දෙන්නෙකුට රුපියල් දස ලක්ෂයක ත්‍යාග මුදලක් ලබාදීම තවදුරටත් වලංගු බවත් අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී නිවැරැදි තොරතුරු ලබා දෙන ලෙසත් පොලිසිය කියයි.

ඝාතනය ගැන තොරතුරක් දන්නා අය වෙතොත් එය පොලිසියට දැනුම් දෙන ලෙස රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්. ජී. කුලරත්න මහතාද ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. නිර්නාමිකව හෝ ලිඛිතව එවැනි තොරතුරු දැනුම්දීමට හැකිය. කට කථා හෝ අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට ජනතා සහාය අවශ්‍ය බව පරීක්ෂණ සිදු කරන පොලිස් නිලධාරීහු පවසති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා