හැටන් කඩයක ලී තට්ටුවේ ජීව අත්බෝම්බයක්

හැටන් කඩයක ලී තට්ටුවේ ජීව අත්බෝම්බයක්

හැටන් ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට වූ විසිතුරු භාණ්ඩ අලෙවිසලක ලෑලි තට්ටුවක් මත කිසියම් පුද්ගලයකු විසින් දමා ගිය ජීව අත්බෝම්බයක් හැටන් මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ උදේ සොයාගන්නා ලදී.

ජේ. ආර්. වර්ගයට අයත් මෙම අත්බෝම්බය විදේශීය රටක නිෂ්පාදනය කරන ලද එකක් බවත්, එය හොඳ තත්ත්වයෙන් යුත් අත්බෝම්බයක් බවත් පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

වෙළෙඳසලේ ඉදිරිපිට ලෑලි තට්ටුව මත කඩදාසි කොළයකින් ඔතා ආරක්‍ෂිත ලෙස තැන්පත් කර තිබූ පාර්සලය වෙළෙඳසල් හිමියා විසින් පරීක්‍ෂා කිරීමේදී අත්බෝම්බයක් බව හඳුනාගෙන ඇත. පසුව ඔහු පොලිස් බුද්ධි අංශය වෙත මේ බව දුරකථනයෙන් දැනුම් දී තිබේ. එම අත්බෝම්බය හැටන් පොලිස්ථානය වෙත ගෙන යන ලද අතර ඇඟිලි සලකුණු හා රස පරීක්‍ෂණ වාර්තා ලබාගනිමින් ඉදිරි පරීක්‍ෂණ මෙහෙයවීම සිදුකරන බව හැටන් පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා