බියගම විලේජ් අධිපති ඝාතකයා සොයා දොම්පේ පොලිසියෙන් පුළුල් පරීක්ෂණ

බියගම විලේජ් අධිපති ඝාතකයා සොයා දොම්පේ පොලිසියෙන් පුළුල් පරීක්ෂණ

කෝටිපති ව්‍යාපාරිකයකු වු බියගම විලේජ් අධිපති ආර්.ඊ.බී. ජයරත්න මහතා බියගම ඇතුළු අවට ප්‍රදේශවල ජනතාව කම්පාවන අන්දමින් පසුගිය 20 වන සදුදා උදෑසන 6.15 පමණ නාදුනන පුද්ගලයකු විසින් යතුරු පැදියකින් පැමිණ පහළ දොම්පේ ප්‍රදේශයේදී තියුණු ආයුදයකින් පහරදී කපාකොටා ඝාතනය කරන ලදී.

පහළ දොම්පේ පිහිටි තම වත්තකට යාමට මෝටර් රථයෙන් ගමන්කොට ඇති අතර වත්ත ආසන්නයේදි මෝටර් රථයෙන් බැස වත්තට ගමන්කරමින් සිටියදි මේ සිද්ධියට මුහුණ පෑමට සිදුවී ඇති අතර එම ස්ථානයේදීම කඩුපහරට ලක්ව මරණයට පත්වී ඇත. හැටපස් හැවිරිදි දෙදරු පියකුවන මොහු නො. 273/ 7 බියගම පදිංචි කරුවකු වන අතර ප්‍රසිද්ධ ඉඩම් සහ වැවිලි ව්‍යාපාරිකයකුවේ.

ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු පැරණිතම නාවික කිමිදුම් කරුවකු වන අතර සේවයෙන් ඉවත්වීමත් සමග 1986 වර්ෂයේදී බියගම විලේජ් නමින් හෝටලයක් බියගම ප්‍රදේශයේ ආරම්භකොට හෝටල් කේෂත්‍රයට අවතීරළණයවී ඇත. පසුව හංවැල්ල හොලිඩේ රිසොර්ට් අධිපතිද වු මොහු ඉඩම් සහ වැවිලි ව්‍යාපාරිකයකු වශයෙන් බහුලවම පළතුරු ඇතුළු ආර්ථික ‍භෝග නිෂ්පාදනයටද යොමු‍වෙමින් ප්‍රදේශයේ විශාල පිරිසකට රැකියා අවස්ථාවන්ද උදාකර දී ඇත. එසේම සාමවිනිසුරුවරයකු වු මොහු සමාජ සේවකයකු වශයෙන් ප්‍රසිද්ධ නමක් ප්‍රදේශයේ දිනා ඇති පුද්ගලයෙකි.

දොම්පේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක උදය කුමාර වුට්ලර් මහතා ඇතුළු නිළධාරින් මේ පිළිබදව පරික්ෂණ පවත්වන අතර ඝාතනයට ලක්වු පුද්ගලයාගේ පශ්චාත් මරණ පරික්ෂණය පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ වෛද්‍ය නිළධාරියා ඉදිරියේදී සිදුකරන ලදී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා