හෙරොයින් ළඟ තබා ගෙන 10,000ක් දඩ කයි

හෙරොයින් ළඟ තබා ගෙන 10,000ක් දඩ කයි

හෙරොයින් මිලි ග්‍රෑම්ස් 100 ක් ළඟ තබා ගැනීමේ වරද පිළිගත් අයෙකුට රුපියල් 10000 ක දඩ මුදලක් ගෙවන ලෙස මහනුවර මහේස්ත්‍රාත් රවීන්ද්‍ර පේ‍්‍රමරත්න මහතා නියෝග කළේය.

හාරිස්පත්තුව වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචි මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත්තේ කටුගස්තොට පොලිසියේ දූෂණ මර්දන අංශය මගිනි. තරුණයා මත්කුඩු පානයට තදින් ඇබ්බැහිවු අයකු බව පොලිසිය ප්‍රකාශ කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා