එප්පාවල එක්දරු පියෙක් නිවසේ බාල්කයේ එල්ලිලා

එප්පාවල එක්දරු පියෙක් නිවසේ බාල්කයේ එල්ලිලා

එප්පාවල 6-7 ගම්මානයේ පදිංචිව සිටි 24 හැවිරිදි සාලිය නම් වු එක් දරු පියෙකු පෙරේදා (20) රාත්‍රී සිය නිවසේ බාල්කයක එල්ලී සියදිවි නසාගෙන ඇත. පොලිසියට ලැබුණු තොරතුරක් මත එප්පාවල පොලිසියෙන් පැමිණ සාලියගේ මෘතදේහය එප්පාවල රෝහල වෙත ගෙන ගොස් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

සාලිය පෞද්ගලික බස්රථයක රියැදුරෙකි. මරණයට හේතුව තවමත් අනාවරණය වී නැත. මේ පිළිබඳව එප්පාවල පොලිස් ස්ථානාධිපති විජය කුමාරසිරි මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ. 2009 වසරේදී මෙම 6 – 7 ගම්මානයේදීම එකම නිවසේ පියා මව සහ දරුවන් දෙදෙනා කපා කොටා මරා දමන ලදී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා