රන් මාල කැඩීමේ ජාවාරමක යෙදුණු ගුවන් -නාවික සෙබළු දෙදෙනා අත්අඩංගුවට

රන් මාල කැඩීමේ ජාවාරමක යෙදුණු ගුවන් -නාවික සෙබළු දෙදෙනා අත්අඩංගුවට

කාන්තාවන්ගේ ගෙල බැඳී රන් මාල කඩා ගැනීමේ ජාවාරමක නිරත වූ ගුවන් හා නාවික සෙබළුන් දෙදෙනෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ එප්පාවල ප්‍රදේශයේ පදිංචි හිටපු නාවික සෙබළෙකු (අයියා) හා දැනට සේවයේ නියුතු ගුවන් සෙබළෙකුය. (මල්ලි ය)

හිටපු නාවික සෙබළා යතුරු පැදියකින් පැමිණ රන් මාල කොල්ලකා ඒවා ගුවන් සෙබළාට ලබා දී බැංකුවල උකස් තබා ඇති බවද පොලිසිය පවසයි. සැකකරුවන් ළඟ රන්මාල උකස් තැබූ කුවිතාන්සිද තිබී පොලිසිය සොයා ගෙන ඇත. සැකකරුවන් ගමන් ගත් යතුරු පැදියේ අංක තහඩුව ඔස්සේ විමර්ශන කටයුතු කර අනුරාධපුර මහජන ක්‍රීඩාංගණය ආසන්නයේ දී ඔවුන් දෙදෙනාව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී ජයසේන මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.එම්. ඒ. වීරසූරිය මහතා ඇතුළු පිරිසක් පරීක්ෂණ සිදු කරති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා