9 ශ්‍රේණියේ සිසුවියක් පාළු වත්තක දමා ගිහින්

දෑස් ටයි පටියෙන්-දෙඅත් කොණ්ඩා පටිවලින් බැඳ

9 ශ්‍රේණියේ සිසුවියක් පාළු වත්තක දමා ගිහින්

බගවන්තලාව හෝලිරෝසර් දෙමළ විදුහලේ සිසුවියක දෑස් ටයි පටියෙන්ද දෙඅත් කොණ්ඩ පටිවලින්ද ගැටගසා චැපල්ටන් වතුයායේ පාළු ස්ථානයක දමාගොස් සිටියදී පොලිසිය ඊයේ (21) පෙරවරුවේ සොයාගෙන තිබේ.

තමන් උදෑසන පාසල් එමින් සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් බලහත්කාරයෙන් තමන් ත්‍රිරෝද රථයට නංවාගෙන ටයි පටියෙන් දෑස් බැඳ කොණ්ඩ පටිවලින් දෙඅත් බැඳ අදාළ ස්ථානයේ දමා ගිය බව සිසුවිය පොලිසියට පවසා ඇත. සිසුවිය හෝලිරෝසර් දෙමළ විදුහලේ 9 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අතර ඇය බගවන්තලාවේ ඥාති නිවසක නැවතී පාසලට පැමිණ තිබෙන බව පොලිසිය පවසයි.

වෛද්‍ය පරීක්ෂණ සඳහා බගවන්තලාව රෝහලට ඇතුළු කළ සිසුවිය නාවලපිටිය රෝහලට මාරුකර යවා ඇත. සිසුවියගේ මව්පියන් නල්ලතන්නිය ප්‍රදේශයේ පදිංචිව සිටින අතර ඇය ඥාති නිවසේ ඉන්නට අකමැත්තෙන් මව්පියන් ළඟට යෑමේ අදහසින් මෙය ඇය විසින්ම කළ මවා පෑමක් ද යන්න පොලිසිය සැක කරන අතර බගවන්තලාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා