මිනීමැරුමක විත්තිකරුවන් වූ චීවරධාරියකු ඇතුළු 2කට මරණ දඬුවම

මිනීමැරුමක විත්තිකරුවන් වූ චීවරධාරියකු ඇතුළු 2කට මරණ දඬුවම

000 වසරේදී සිදු කළ මිනීමැරුමක විත්තිකරුවන් වූ චිවරධාරියකුට හා තවත් අයකුට තංගල්ල මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කෙරේ. 2000 වසරේ ජනවාරි 19 දින කටුවන මාදකන්ද ගම්සභා කඩේ අසලදී පිහියෙන් ඇන මාදකන්ද පදිංචි මහකුඹුරගේ ධර්මදාස (19) මරා දමා තිබිණි.

එවකට ගිහියකුව සිටි එම්. කේ. ජයතිස්ස 2004 වසරේදී පැවිදිවී ගොමඩියේ සරණ හිමි වශයෙන් සිට ඇත. අනෙක් විත්තිකරු වූයේ කරිවිල කන්දේ විජේසිරි යන අයයි. තංගල්ල මහාධිකරණ විනිසුරු ඩී. රාජපක්ෂ මහතා නඩු විභාගය අවසන් කරමින් වර්තමානයේ චීවරධාරියාට සහ ගිහි අයට මරණ දඬුවම නියම කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා