ශ්‍රී ලංකාව පරදවා පාකිස්තානය අවසන් තරගයට සුදුසුකම් ලබයි

යුද සමයේ රට හැර ගිය අය උතුරේ ජනතාව දිහා ඇහැක් ඇර බැලුවේ නෑ

කෝටි ගණන් මුදල් රැස් කරමින් ඔවුන් සුපිරි ජීවිත ගත කළා

රාජේෂ්වරී සුබ්‍රමනියම් තොරතුරු හෙළි කරයි

ශ්‍රී ලංකාවේ යුද්ධය පැවතුණු සමයේ දී රට හැර ගිය දෙමළ පිරිස් උතුරේ ජනතාව සඳහා කිසිදු උදව් උපකාරයක් කිරීමට ඉදිරිපත් නොවූ බවත්, ඔවුන් කෝටි ගණන් මුදල් එක්රැස් කරමින් තම තමන්ගේ සුපිරි ජීවිත සඳහා ඒවා පරිහරණය කරන බවත්, ජිනීවා හි ඩයස් පෝරා ඩයලොග් සංවිධානයේ සාමාජිකා රාජේෂ්වරී සුබ්‍රමනියම් මහත්මිය පවසයි.

යුද්ධය නිසා උතුරේ ජනතාවට තමන්ගේ ජීවිත දේපළ හා නිවාස අහිමි වී ජීවත්වන අවස්ථාවේදී අමෙරිකානු රජය හෝ පිටරට සිටින දෙමළ ජනතාව උදව් කිරීමට ඉදිරිපත් නොවූ බවද ඇය පවසයි. එහෙත් මේ වන විට ඔවුන් දෙමළ ජනතාව වෙනුවෙන් හඬනඟනවා යැයි කියමින් රඟ දක්වන බවද කියයි.

අමෙරිකානු රජය තම දේශපාලන ස්ථාවරය රඳා පවත්වා ගැනීමේ අරමුණින් ලංකා රජයට විරුද්ධව බොරු චෝදනා ඉදිරිපත් කරන බවද පවසන රාජේෂ්වරී සුබ්‍රමනියම් මහත්මිය තවදුරටත් කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ ඒකීයභාවය හා සහෝදරත්වය වෙනුවෙන් පිටරට සිටින ජනතාව ඒකරාශී විය යුතුව ඇති බවයි.

ජාත්‍යන්තරයෙන් බොරු චෝදනා ශ්‍රී ලංකාවට එල්ල කරමින් සිදුකරන බලපෑම්වලින් ලංකාව නිදහස් කර ගැනීමට අමෙරිකාවට විරුද්ධව කටයුතු කළයුතු බවද ඒ සඳහා සියලු ශ්‍රී ලංකාවට හිත ඇති පිරිස් එකතුව කටයුතු කරන බවද කියයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා