මහින්ද අබේසුන්දරට හෙට ගම්පහින් උපහාර

මහින්ද අබේසුන්දරට හෙට ගම්පහින් උපහාර

දිනමිණ ප්‍රධාන කර්තෘ ප්‍රවීණ මාධ්‍යවේදී මහින්ද අබේසුන්දර මහතාගේ මාධ්‍ය මෙහෙවරට වසර 50 ක් පිරීම ඇගයීමට ලක්කෙරෙන ගම්පහ දිස්ත්‍රික් උපහාර ප්‍රණාම උළෙල හෙට (17) බියගම ආසනයේ සපුගස්කන්ද මධ්‍ය මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

ගම්පහ උපහාර උළෙලට දිස්ත්‍රික්කයේ දේශපාලන ක්ෂේත්‍රයේ විශාල පිරිසක් ද, මහා සංඝරත්නය, වෛද්‍ය - ගුරුවරු - ආරක්‍ෂක අංශ වැනි විවිධ ප්‍රභූ පිරිසක් සහභාගි වීමට නියමිතය.

”විමසුම” ජනමාධ්‍ය සම්මන්ත්‍රණය සහ මහින්ද අබේසුන්දර උපහාර උළෙල නමින් පැවැත්වෙන මේ උත්සවයේදී කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විජිතපුර විමලරතන හිමිපාණන් විසින් විශේෂ දේශනය පවත්වන අතර මහින්ද අබේසුන්දර මහතා ඇතුළු ප්‍රවීණ මාධ්‍යවේදීන්ගේ දේශනවලට සවන් දීමට ද අවස්ථාව ලැබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා