විසිතුරු මත්ස්‍ය අපනයනයෙන් ඩොලර් මිලියන 8.5ක ආදායමක්

විසිතුරු මත්ස්‍ය අපනයනයෙන් ඩොලර් මිලියන 8.5ක ආදායමක්

පසුගිය වසරේ විසිතුරු මත්ස්‍ය අපනයනය කිරිමෙන් ඇමරිකන් ඩොලර් මිලියන 8.5ක ආදායමක් ලබා ගැනීමට අපනයන සංවර්ධන මණ්ඩලය සමත්ව ඇත. එය ලෝක විසිතුරු මත්ස්‍ය අපනයන ආදායමෙන් සියයට 2.7ක් බවත්, මෙරට විසිතුරු මත්ස්‍ය අපනයනය ප්‍රවර්ධනය කිරීමට විවිධ පියවර ගෙන තිබෙන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

මෙරට විසිතුරු මත්ස්‍ය වගාකරුවන්ගේ ආදායම සියයට 30කින් වැඩිකිරිමට රජය ගෙන යන අපනයන වැඩසටහන් තුළින් හැකිවී තිබෙන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විසිතුරු මත්ස්‍ය වගාව සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 73ක වියදමින් යන්ත්‍රෝපකරණ ලබාදීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

මහින්ද චින්තනය මඟින් මෙරට විසිතුරු මත්ස්‍ය වගාව ප්‍රවර්ධනය කිරිමට කටයතු තර ඇති අතර, මත්ස්‍ය වගාව සියයට 90කින් ඉහළ දැමීමට එමගින් හැකිවී තිබෙන බවත් රිෂාඩ් බදියුදීන් මහතා වැඩිදුරටත් කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා