පළාත් ඇතුළත ධාවනය වන බස්රථවල ගමනාන්ත පුවරු භාෂා තුනෙන්ම

පළාත් ඇතුළත ධාවනය වන බස්රථවල ගමනාන්ත පුවරු භාෂා තුනෙන්ම

පළාත් ඇතළත ධාවනය කරන සියලුුම බස්රථවල ගමනාන්ත පුවරු සිංහල,දෙමළ හා ඉංග්‍රිසි යන භාෂා තුනෙන්ම ප්‍රදර්ශනය කිරීමට අප්‍රේල් 13 වැනි දිනට පෙර පියවර ගන්නා ලෙස පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යංශයේ ලේකම් වික්ටර් සමරවීර මහතා සියලු පළාත් ප්‍රවාහන අධිකාරින්හි සභාපතිවරුනට හා සාමාන්‍යාධිකාරිවරුන්ට දන්වා තිබේ. දැනට ධාවනය කරන අන්තර් පළාත් බස්රථවල ගමනාන්ත පුවරු ප්‍රදර්ශනය කරන ආකාරයටම නිසි ප්‍රමිතියට සකස් කරන ලෙසත් මේ සම්බන්ධයෙන් ගනු ලබන පියවර තමාට ලිඛිතව දැනුම් දෙන ලෙසත් ලේකම්වරයා බස්නාහිර, දකුණ, නැගෙනහිර, වයඹ, මධ්‍යම උතුරුමැද, සබරගමුව, හා ඌව යන පළාත් ප්‍රවාහන අධිකාරිවලට දැනුම් දී තිෙබි.

ලේකම්වරයා මෙම පියවර ගෙන ඇත්තේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් ලයනල් ගුරුගේ මහතා විසින් මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලක් අනුව එම කොමිසම විසින් විභාග කිරිමෙන් පසුව දෙන ලද තීන්දුවක් අනුවය.

අන්තර් පළාත් බස්රථවල ගමනාන්ත පුවරු ප්‍රදර්ශනය කරන ආකාරයට පළාත් ඇතුළත ධාවනය කරන බස්රථවලද භාෂා තුනෙන්ම ගමනාන්ත පුුවරු ප්‍රදර්ශනය කරන ලෙස මානව හිමිකමි කොමිසම නියෝග කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා