ජිනීවා මානව හිමිකම් ප්‍රශ්නයේ දී අපට ජාත්‍යන්තර මිතුරන් වැඩිවෙලා

ජිනීවා මානව හිමිකම් ප්‍රශ්නයේ දී අපට ජාත්‍යන්තර මිතුරන් වැඩිවෙලා

ශ්‍රී ලාංකිකයන් වෙනදාටත් වඩා අද ශක්තිමත්

ඇමැති බැසිල් කියයි

ජිනීවා මානව හිමිකම් ප්‍රශ්නයේදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මිතුරන් වැඩි වී ඇතැයි ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය.

එමෙන්ම මෙරට ජාතීන් වෙනදාටත් වඩා ශක්තිමත් වී ඇතැයිද හෙතෙම අවධාරණය කළේය.

අද ආර්ථිකය ශක්තිමත් වී ඇත්තේ යුරෝපයේ නොව ආසියාවේ බව පෙන්වාදෙන ඇමැතිවරයා, යුරෝපයට අප යටවීමට කිසිදු අවශ්‍යතාවක් නැති බවත්, ඉදිරියේදී ඔවුන්ට ණය දීමට පවා අපට හැකි වන බවත් පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට සියයට 5ක් වත් රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය බව තම පෞද්ගලික මතය යැයි ද හෙතෙම මෙහිදී කියා සිටියේය.

විදේශ ගැනුම්කරුවන් හා මෙරට නිෂ්පාදකයන් හවුල්කර ගනිමින් විදේශ වෙළෙඳපොළ කරා යාමත් , එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීමත් අරමුණ වී ඇතැයි ද ඊයේ (15) ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා