දිවි නැඟුම තෙවැනි අදියර 23දා රට පුරා ඇරැඹේ

දිවි නැඟුම තෙවැනි අදියර 23දා රට පුරා ඇරැඹේ

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන දිවි නැඟුම වැඩසටහනේ තෙවැනි අදියර මේ මස 23වැනිදා පෙරවරු 10.16ට රට පුරා ආරම්භ කෙරේ.

දිවි නැඟුම වැඩසටහන රටපුරා ග්‍රාම සේවා වසම් 14,000ක් ආවරණය වන පරිදි එක් වසමක් සඳහා නිලධාරීන් තුන්දෙනා බැගින් නිලධාරීන් 42,000ක් යොදා ගනිමින් ක්‍රියාත්මක කෙරේ.

ගෙයින් ගෙට යමින් ගෙවතු වගාව නැංවීම සඳහා අවශ්‍ය පැළ වර්ග, බීජ, පොහොර යනාදිය මේ නිලධාරීන්ට මේ වන විට ලබා දී තිබෙන බවත්, ගෙයින් ගෙට යාම මේ මස 01වැනිදා සිට 31වැනිදා දක්වා සිදු කෙරෙන බවත්, වැඩබලන ජනමාධ්‍ය අමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.

ඇමැති මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවැසීය.

අප්‍රේල් 5වැනිදා රැස්වීම් හතළිස් දෙදහසක් පවත්වන බවත්, සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙළක් ලෙස, සෑම සංචාරක හෝටලයකම නවාතැන්ගෙන සිටින විදේශිකයන් සහභාගී කරගනිමින් අප්‍රේල් 15වැනිදා අවුරුදු උත්සව පවත්වන ලෙස සංචාරක හෝටල් හිමියන් දැනුම්වත් කර ඇති බවත් ඇමැතිවරයා කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා