කොලොම්බියාවේ කොංග්‍රස් මණ්ඩල කතානායිකා ඩිලියා ‍ටෝරෝ අත්අඩංගුවට

කොලොම්බියාවේ කොංග්‍රස් මණ්ඩල කතානායිකා ඩිලියා ‍ටෝරෝ අත්අඩංගුවට

මූල්‍ය අක්‍රමිකතා චෝදනාවක්

කොලොම්බියාවේ සෙනේට් සභික හා හිටපු කොංග්‍රස්මණ්ඩල කතානායිකා ඩිලියා ‍ෆ්රැන්සිස්‍කා ටෝරෝ මුල්‍යවිශුද්ධිකරණය චෝදනා මත පෙරේදා අත්අඩංගුවට ගැනිණි.

ශ්‍රෙෂ්ඨාධිකරණයේ රැඳවුම් නියෝගය අනුව බොගෝටාහි නීතිපති මූල්‍යස්ථානය වෙත ඇය රැගෙන ගිය බව ප්‍රකාශ වී ඇත.

අධිකරණ ප්‍රකාශයකු පවසා තිබුණේ ටෝරෝ මත්ද්‍රව්‍ය ජාවරම් කරුවන්ට අයත් දේපළක් මිලදී ගැන්මට සම්බන්ධ බවයි.

2005 දෙසැම්බරයේ දී, ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනකුගේ සංවිධානයන්ට අයත් වතු යායක් මිල දී ගත් සමාගමට ටෝරෝ ගේ සම්බන්ධයක් ඇතැයි අනාවරණය වී ඇත. ඊට අමතරව ඇය අති දක්ෂිණාංශික අතිරේක හමුදාවක් සමඟ සබඳතා පවත්වන බවට චෝදනාද දැන් විමර්ශනය කෙරෙමින් පවතී.

මේ හමුදාවන් සමඟ සබඳතා පවත්වන කොලොම්බියානු හිටපු සෙනේට්සභිකයන් පස්දෙනකු ඇතළු දේශපාලන නායකයන් සියගණනකට සිර දඬුවම් ලබා දී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා