ජනාපධිතිට එරෙහි දූෂණ චෝදනා යළි විභාග කිරීමේ නියෝගය ඉවත් කර ගන්න

ජනාපධිතිට එරෙහි දූෂණ චෝදනා යළි විභාග කිරීමේ නියෝගය ඉවත් කර ගන්න

පාකිස්තාන රජය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

පාකිස්තානයේ එක් අගමැතිවරයකුට සිය ධුරය අහිමි කළ නීතිමය අර්බුදයක් බවට පත් ජනාධිතිට එරෙහි දුෂණ චෝදනා විභාගය යළි පණගැන්වීමේ නියෝගය ඉවත්කරගන්නා ලෙස පාකිස්තාන රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙරේදා ඉල්ලා සිටියේය.

ජනාධිපති අසි‍ෆ් අලි සර්දාරි ට එරෙහි බහු මිලියන අල්ලස් චෝදනාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට එකඟ නොවන්නේනම් නව අගමැති රාජා පර්වේස් අෂ්රෆ් ද ධුරයෙන් ඉවත් කරන බවට තර්ජනාත්මක නියෝගයක් මේ මස මුලදී අධිකරණයෙන් නිකුත් කෙරී තිබිණ.

1990 ගණන් දක්වා දිවෙන අදාළ දූෂණ චෝදනා විභාගය යළි අරඹන ලෙස ස්විස් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නැයි අධිකරණය වසර ගණනාවක් තිස්සේ පාකිස්තාන පරිපාලනයෙන් ඉල්ලා තිබිණ.

මේ සම්බන්ධයෙන් පැනවුණු අධිකරණ නියෝගය නොතකා කටයුතු කිරීමෙන් අධිකරණයට අපහාස කළැයි හිටපු අගමැති යූසු‍ෆ් රාසා ගිලානි ධුරයෙන් ඉවත් කරන ලද්දේ පසුගිය ජූනි 19 දාය.

නව අගමැති අෂ්රෆ්ට ද අදාළ නියෝගය සිහිපත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අද 25දා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත්කරන ලෙස ඔහුට දන්වා සිටියේ නියෝගය නොතැකීමෙන් ඔහුට ද පුර්වගාමියාගේ ඉරණම අත්වනු ඇති බවට අනතුරු අඟවමිනි.

එහෙත් රජයේ නීතිඥයන් ස්ථිර වශයෙන්ම කියා සිටියේ පරිපාලනයට මේ උසාවි නියෝගය ක්‍රියාත්ම කළ නොහැකි බවය .

" ‍ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත්කළ ක්‍රියාත්මක කළ නොහෙන මේ නියෝගය ට අනුගත වන ලෙස අගමැතිවරයාට නියෝග කළ නොහැකියැයි" ඔවුහු කියති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා