සුමාත්‍රා දූපතේ ප්‍රබල භූමිකම්පාවක්

සුමාත්‍රා දූපතේ ප්‍රබල භූමිකම්පාවක්

රිච්ටර් මාපකය 6.4ක්

බියට පත් ජනතාව නිවෙස් අත්හැර පලා යති

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ බටහිර වෙරළින් ඔබ්බේ ඊයේ රිච්ට මාපකයේ 6 .4ක් වශයෙන් සටහන් වු ප්‍රබල භූමිකම්පාවක් සිදුවි තිබේ.

මේ හේතුවෙන් භීතියට පත් ප්‍රදේශවාසින් නිවෙස් සහ ගොඩනැඟිලි අත්හැර පලා ගොස් ඇතැයි වාර්තා වේ. නිවසින් පලා යන අතරවාරයේ දී එක් පුද්ගලයෙක් කම්පයෙන් මියගොස් ඇත. මේ හැරුණුකොට වෙනත් ප්‍රබල හානි සිදුවී ඇති බවට මෙතෙක් වාර්තා ලැබී නැත .

භූ කම්පනයේ අපකේන්ද්‍රය සිනබෑං නගරයෙන් කි . මී 34ක් පමණ දුරින් සාගරයේ කි .මී. 22ක් පමණ ගැඹුරේ බව අමෙරිකන් භූවිද්‍යා

සමීක්ෂණ කාර්යංශය පවසයි .ගොඩනැගිලි විනාඩියක් පමණ කාලයක් ප්‍රබල ලෙස හෙළවුණ බවත් විදුලිය විසන්ධි වී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති .

මෙම භූකම්පනය හේතුවෙන් සුනාමි අනතුරක් පැනනැඟී නැත. පසු කම්පන ඇතිවේය යන සැකයෙන් බොහෝ පිරිස් මෙතෙක් ආපසු සිය නිවෙස් බලා පැමිණ නැතැයි ද සඳහන්ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා