රත්නපුර ප්‍රා. ලේකම් කොට්ඨාස 17ක් සංවර්ධනයට රුපියල් පනස්හත්කෝටි පනස්ලක්ෂයක ව්‍යාපෘති

රත්නපුර ප්‍රා. ලේකම් කොට්ඨාස 17ක් සංවර්ධනයට රුපියල් පනස්හත්කෝටි පනස්ලක්ෂයක ව්‍යාපෘති

ගම නැඟුම යටතේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17ක ආරම්භ කළ ව්‍යාපෘතිවල සියයට පනහක් පමණ වැඩ නිමකර ඇතැයි රත්නපුර දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්‍ෂක රංජිත් නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

ව්‍යාපෘතිවලට මාර්ග සහ පාලම් තැනීම් ජල සම්පාදනය, සුළු වාරි මාර්ග, මාතෘ නිවාස, පාසල් සුභසාධන යන අංග අයත් වේ.

එක ගමකට එක වැඩක් යටතේ ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කර ඇත. මේ යටතේ ආරම්භ කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව 575කි.

රත්නපුර දිස්ත්‍රික්කයේ ගම්මානයන්හි මාර්ග පිළිසකර කිරීම නිසා ගොවි නිෂ්පාදන වෙළෙඳ පොළට ගෙන යෑමට සහ පාසල් ළමයින්ගේ ගමනාගමනයට උපකාරයක් වූ බැවින් ජනතාව සතුටට පත්වී රජයට තුති පුද කරති.

ව්‍යාපෘති සඳහා රජයෙන් වෙන්කර ඇති මුදල පනස්හත්කෝටි පනස්ලක්‍ෂයක් වන අතර ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමෙන් ප්‍රතිලාභ ලබන සාමාජික සංඛ්‍යාව තුන් ලක්ෂයකි.

රත්නපුර, නිවිතිගල, ඇහැලියගොඩ, බලංගොඩ, රක්වාන, කැරවාන, කොලොන්න යන මැතිවරණ කොට්ඨාසවල මාර්ග කාපට් කිරීමේ වැඩ සටහන් ආරම්භ කර ඇති අතර ඒවායේ වැඩ සියයට පනහක් පමණ අවසන් කර ඇතැයි සැලසුම් අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා