තිදරු මව මඟදී කොට ගවුමක් ඇන්දේ කිසිවකු සමග පැනයන්නදැයි සැකයක්

තිදරු මව මඟදී කොට ගවුමක් ඇන්දේ කිසිවකු සමග පැනයන්නදැයි සැකයක්

නිවසේ සිට ඇදගෙන පැමිණි දිග ගවුම මඟදී මාරු කොට කොට ගවුමක් ඇඳගෙන බැංකුවට දැමීමට සැමියාගෙන් රැගෙන ආ රුපියල් 15000ක මුදල් ද බැංකු පොත් ද රන් ආභරණද රැගෙන අන් සැමියකු සමග පැනයන්නට ඇතැයි සැකකාර කාන්තාවක පිළිබඳ පුවතක් ගිරාඳුරුකෝට්ටේ පොලිස් වසමට අයත් බෙලගන්වැව මහවැලි ගම්මානයෙන් අසන්නට ලැබේ.

මෙසේ පැනගොස් ඇත්තේ 32 හැවිරිදි තරුණ බිරියකි. වැඩිවියට පත් දියණියක් සහ පුතුන් දෙදෙනකු සිටින ඇය පිළිබඳව සැකයක් නොතිබුණ බව සැමියා පවසයි. ඇය නමින් බැංකු කීපයක ලක්ෂයකට ආසන්න මුදල් තැන්පත් කර ඇති බවත් ඇය මුදල් රන් ආභරණ හා බැංකු පොත් රැගෙන යාමෙන් කිසිවෙකු සමග පැනයන්නට ඇතැයි විශ්වාස කරන බවට සැමියා ගිරාදුරුකෝට්ටේ පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

මෙම කාන්තාවගේ් තුන්හැවිරිදි පිරිමි දරුවා අසල නිවසක නතරකොට එහිදී කොට ගවුමක් ඇඳගෙන ගොස් ඇත. ‍

ඇය කිසිවකු සමග පැනයන්න ඇතැයි පොලිසිය ද පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා