පැරැණි ගොඩනැඟිල්ලක් කඩා නවීන පන්නයට ඉදි කරලා

පැරැණි ගොඩනැඟිල්ලක් කඩා නවීන පන්නයට ඉදි කරලා

පිළිමතලාව ගඩලාදෙණිය රජමහා විහාරස්ථානයට අයත් පුරාවිද්‍යා භූමියේ පැරැණි ගොඩනැඟිල්ලක් නවීන දෙමහල් ගොඩනැඟිල්ලක් ලෙස ඉදිකර පුරාවිද්‍යා භූමියේ දර්ශනය විකෘති කිරීම පිළිබඳව වරද පිළිගත් පුද්ගලයකුට මහනුවර මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා රු. 50,000ක දඩයක් ගෙවීමට නියෝග කෙළේය.

ගඩලාදෙණිය පදිංචි පුද්ගලයකුට මේ දඩ මුදල් ගෙවීමට නියම කෙළේය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කලාප භාර නිලධාරිනී කේ. එම්. රේනුකා දමයන්ති මහත්මිය මේ පිළිබඳව කරන ලද පැමිණිල්ලක් මත මධ්‍යම පළාත් පුරා වස්තු ආරක්ෂණ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගුණරත්න බණ්ඩා, සැරයන් ආරියරත්න යන පොලිස් නිලධාරීන් මේ අය මහනුවර අධිකරණය වෙත ඉදිරිපත් කර කරුණු දක්වා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා