ඉතිරි තරග 2කට සංගා නෑ

ඉතිරි තරග 2කට සංගා නෑ

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන සිවුවැනි සහ පස්වැනි එක්දින තරග සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව කුමාර් සංගක්කාරට අහිමි වී තිබේ. පෙරේදා පැවැති ‍තුන්වැනි තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ දී අශෝක් දින්දාගේ බවුන්සර් පන්දුවක් වැදීමෙන් ඔහුගේ ඇඟිල්ලක ආබාධයක් ඇති වූ අතර පසුව කරනු ලැබූ ස්කෑන් පරික්ෂණ‍යක දී තහවුරු වූයේ පන්දුව වැදුණු ඇඟිල්ලේ අස්ථි බිඳීමක් සිදුවී ඇති බවය.

මේ අනුව සංගක්කාරට අවම වශයෙන් සති 4කවත් වි‍වේකයක් ගැනීමට සිදුවනු ඇතැයි කණ්ඩායමේ කළමනාකරු චරිත් සේනානායක මහතා පවසයි. ලබන මස ඇරැඹෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව ද මේ අනුව ඔහුට අහිමිවීමේ තත්වයක් පවතී. එම තරගාවලියේ දී ඔහු කඳුරට වොරියර්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතව තිබිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා