ගලිගමුවේ පාරම්පරික එජාප 200ක් සන්ධානයට එක්වෙති

ගලිගමුවේ පාරම්පරික එජාප 200ක් සන්ධානයට එක්වෙති

යූ. එන්. පී. යේ තවදුරටත් සිටීමෙන් පලක් නැතැයි සඳහන් කරමින් ගලිගමුව මැතිවරණ කොට්ඨාසයේ පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන් 200ට ආසන්න පිරිසක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වෙති.

මෙවර සබරගමුව පළාත් සභා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහ ඇමැති ධූරය සඳහා තරග වදින හිටපු මහ ඇමැති මහීපාල හේරත් මහතා ඊයේ (02) මුණගැසුණු ගලිගමුව මැතිවරණ කොට්ඨාසයේ පිටගල්දෙනිය ප්‍රදේශයේ එක්සත් ජාතික පාක්ෂිකයෝ සිය සහාය සන්ධානයට ලබා දෙන බවට සහතික වූහ.

ඔවුන් අතුරින් ඇතමෙකු එක්සත් ජාතික පක්ෂයේ දිවංගත අගමැති ඩී. එස්. සේනානායක මහතාගේ යුගයේ පටන් එකී පක්ෂයේ උද්යෝගිමත් සාමාජිකයෝ වෙති. මහ ඇමැති අපේක්ෂක ශ්‍රී. ල. නි. ප. උප ලේකම් මහීපාල හේරත් මහතා අමතමින් ඔවුන් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය අද කල්ලිවාදය නිසා සුනු විසුනු වී ඇති බවය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ අයෝමය නායකත්වය යටතේ රට ගොඩනඟන බව කී ඔවුන් රට නගන වැඩපිළිවෙළට එක්වෙනු මිස උනුන් නසා ගන්නා පක්ෂයක තවදුරටත් සිටීමෙන් කිසිදු පලක් නැතැයි සඳහන් කළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා