ඡන්ද හිමි නාමලේඛනය අන්තර්ජාලයට

ඡන්ද හිමි නාමලේඛනය අන්තර්ජාලයට

ඡන්ද හිමි නාමලේඛනය ඊයේ (3) සිට අන්තර්ජාලයට එක්කළ බව අතිරේක මැතිවරණ කොමසාරිස් ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා “දිනමිණ” ට පැවසීය.

ඒ අනුව ඕනෑම ඡන්දදායකයකුට අන්තර්ජාලයට පිවිසී තමන්ගේ ඡන්දය ලියාපදිංචි වී ඇතිදැයි පරීක්‍ෂා කළ හැකි බව ද අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වා දෙයි.

ඒ අනුව වැඩිදුරටත් කරුණු දැක්වූ ඒ මහතා ඊයේ (03) මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පැවති පක්‍ෂ ලේකම්වරුන් හා මැතිවරණ කොමසාරිස්වරයා අතර පැවැති හමුවේදී ඉදිරියේදී පැවැත්වෙන පළාත් තුනේ මැතිවරණය සඳහා විදේශ නිරීක්‍ෂකයන් නොගෙන්වීමට තීරණය කළ බව ද කීය.

එමෙන්ම තැපැල් ඡන්ද මධ්‍යස්ථානවල ආරක්‍ෂාව සඳහා සිවිල් ආරක්‍ෂක නිලධාරීන් යොදවා ගැනීමට ද, මැතිවරණ සම්බන්ධයෙන් පැවති යම් යම් ගැටලු එම හමුවේදී නිරාකරණය කර ගත් බව ද ඒ මහතා පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා