උසස් පෙළ සිසුනට ජාතික හැඳුනුම්පත් අදත් ගත හැකියි

උසස් පෙළ සිසුනට ජාතික හැඳුනුම්පත් අදත් ගත හැකියි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ජාතික හැදුනුම්පත ලබා ගැනීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අද (4) දිනයේද විවෘතව තැබීමට පියවර ගෙන ඇත.

මේ මාසයේදී පැවැත්වෙන උසස් පෙළ විභාගය වෙනුවෙන් පෙනී සිටින සිසුන්ගේ හැදුනුම්පත් ලබා ගැනීමේ පහසුව වෙනුවෙන් මේ පියව‍ර ගත්බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ජගත් පී. විජේවීර මහතා පවසයි.

එම විභාගය වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් අනිවාර්යය කර ඇති අතර තම දෙපාර්තමේන්තුවට පැමිණ හැදුනුම්පත සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබෙන බවද ඒ මහතා සඳහන් කරයි.

මේ දක්වා ජාතික හැඳුනුම්පත ලබානොගත් අයදුම්කරුවන්හට සාමාන්‍ය එක්දින සේවාව හරහා ජාතික හැඳුනුම්පත ලබාගත හැකි අතර මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0112 583122 දුරකතන අංකයෙන් ලබාගත හැක.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා